27 April 2024
#දේශීය

උකුවෙල බිගු ගම්මාන රැසක්

උකුවෙල ප්‍රාදේශිය මහ ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ උපදෙස් අනුව සඵල ගමක් – බිඟු බිමක්” වැඩසටහන යටතේ උකුවෙල ඕව්ලිකන්ද, කළාපයේ වසම් 14 ක මී මැසි පාලනයට ප්‍රතිලාභින් 80 දෙනෙකු යොමුකිරිමේ වැඩසටහනෙහි සිව්වන පුහුණුව ප්‍රායෝගික පුහුණුවක් පසුගියදා කටුඅත්තාමඩ ඉන්ද්‍රානි මහත්මියගේ බිඟු පාලන බිමේදි පැවැත්විය.

ඕවිලිකන්ද ප්‍රදේශයේ මී මැසි කර්මාන්තයේ නියුක්තිකයින් හා මෙම කර්මාන්තය ඉදිරියට ආරම්භ කිරිමට නියම්ත 80 ක පමණ පිරිසකට මෙම වැඩසටහන යටතේ සෙත සැලසේ.

මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කෘෂි උපදේශක ආනන්ද මහතා හා තැන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි උපදෙශක නිලධාරිනියන් දෙදෙනා හා තාක්ෂණ සහකාර නිලධාරිගේ සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

ආර්ථිකමය වශයෙන් ජනතාව සවිබල ගැන්විය යුතු මෙම අවධියේ මෙම සත්කාරය ජවයෙන් යුතුව පවත්වාගෙන යාමට ඕව්ලිකන්ද කළාපයේ ආර්ථික සංවර්ධන නිලධාරින් නොමසුරු සහයෝගය ලබාදෙන අතරතුර, “සඵල ගමක් – බිඟු බිමක්” වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම කාර්යාලයීය සංවර්ධන ක්ෂේත්‍ර සහකාර, එච්.එම්.සී.කේ.හේරත් මහතා විසින් සිදුකරනු ලබයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *