මාරවිල නීතිඥ සංගමයේ සාමාජිකාවක මෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනියක වූ නීතිඥ කේ. ජෙනට් අයිලාංගනි ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 74 වැනි වියේ පසුවූවාය.
හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නැන්දනිය වන ඇය, 1997 සිට 2001 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලසීමාවන් තුළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති තනතුර ද හොබවනු ලැබුවාය.
දේහය මේ වන විට මීගමුව වෙස්ටන් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් කටයුතු දංකොටුව, දුම්මලකොටුව රෝමානු කතෝලික සුසාන භූමියේදී අද (20) පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිතය.












