සිය හමුදාමය ශක්තිය උපයෝගී කර ගනිමින් මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකා එක්සත් ජනපදයට පූර්ණ හැකියාව ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබේ.
ඇතන්ස් නුවරදී ග්‍රීක විදේශ අමාත්‍යවරයා සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, ටෙහෙරානය විසින් අමෙරිකානු හමුදා කලාපයෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, ඉරානය කිසිවිටෙකත් න්‍යෂ්ටික අවියක් අත්පත් කර නොගන්නා බව සහතික කිරීම සඳහා වොෂින්ටනයේ කැපවීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය. අවශ්‍යතාවක් මතුවුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත කටයුතු සම්බන්ධයෙන් ග්‍රීසිය අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක දැඩි ආර්ථික සම්බාධක හේතුවෙන් එරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති බව පෙන්වා දුන් රුබියෝ, ඉරානය සමඟ ඇති කරගන්නා ඕනෑම එකඟතාවක් මගින් එරටට න්‍යෂ්ටික අවියක් ලබාගැනීමට නොහැකි බව සහතික කළ යුතු බවද වැඩිදුරටත් කියා සිටියේය.
















