කලාපීය ගැටුම් හමුවේ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තරයට බලපෑම් කිරීමේ මෙවලමක් (Leverage) ලෙස භාවිත කරන බවට චෝදනා කරමින්, ගෝලීය නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනෙකුත් රටවල් ද වැඩි දායකත්වයක් ලබාදිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) පවසයි.
පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා පිටත්වීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ රුබියෝ සඳහන් කළේ, ජාත්‍යන්තර නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව අඛණ්ඩව කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, එම ආරක්ෂක මෙහෙයුම්වල සමස්ත බර එක්සත් ජනපදය පමණක් දරනවා වෙනුවට, ලොව අනෙකුත් රජයන් ද හමුදාමය උපකරණ, මූල්‍ය සහාය හෝ වෙනත් ආකාරයකින් ඊට දායක විය යුතු බව ඔහු අවධාරණය කළේය.
ගෝලීය බලශක්ති සැපයුමෙන් පස්වන පංගුවකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වන තර්ජන හමුවේ ලෝක තෙල් මිල සහ ගෝලීය වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව විදේශීය ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
















