මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අංක 2886/26 නඩුවට අදාළව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.දෙමටගොඩ, ශ්‍රී ධර්මාරාම පාරේ, අංක 56/සි දරන ස්ථානයේ සිදුකළ මෙම හදිසි වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 876ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 325ක් පොලිස් භාරයට ගෙන ඇත.මෙම මත්ද්‍රව්‍ය තොගය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ, මීගමුව පාර, අංක 90/40 ලිපිනයේ පදිංචි ප්‍රැන්සිස් ඩික්ෂන් විනෝද් කුමාර නැමැති අයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු ඉතා පුළුල් මට්ටමින් මෙහෙයවනු ලබයි.














