මාතලේ, කටුදෙණිය ප්‍රදේශයේදී 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැක කරයි. ඊයේ (13) රාත්‍රියේ කටුදෙණිය ප්‍රදේශයේ පාළු නිවසක් අසලදී සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාළු නිවසේ මුරකරු සහ තවත් පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වූ ස්ථානය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතලේ මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කරන ලද අතර, මාතලේ පොලීසියේ අපරාධ අංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
















