දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 9.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (15) දින උදෑසන 8.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහාත් මෙම රතු නිවේදනය බලපැවැත්වේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පැවතීම මෙම තද වැසි තත්ත්වයට හේතු වී ඇති අතර, එය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් ප්‍රදේශවල වසන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ උපදෙස් ලබා දී තිබේ.














