27 April 2024
#දේශීය

මාතලේ ඩෙංගු මර්ධන වැඩසටහනක්

අධික වර්ෂාවත් සමග ඩෙංගු බෝවීම වැලැක්වීම අරමුණින් ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් මාතලේ මහනගර සභාව විසින් ක්‍රියාවයට නංවා  තිබේ.

ඒ අනුව මාතලේ නගරයේ කාණු පද්ධති සහ ජලය රැදී තිබෙන ස්ථාන පිරිසිදු කළ අතර නගර සීමාවේ පිහිටි අතුරු මාර්ගවල ද එවැනි ස්ථාන පිළිසකර කළහ.

ඇම්.සි  පාර, විහාර පාර ආදි ප්‍රදේශවල  ජලය රැස්විය හැකි බදුන් එකතු කිරීමේ වැඩසටහනක්  ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණි.

මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍ය වෛද්‍ය අංශයයේ අධීක්ෂණය යටතේ වැඩ සටහන  ක්‍රියාත්මක කෙරුණි.

 

 

මාත‍ලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *