සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සුසිල් වටගල මහතා ප්‍රකාශ කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය අයවැයෙන් වෙන්කළ ප්‍රතිපාදන යොදාගනිමින් මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමේ කටයුතු සිදුකරන බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා ඉල්ලුම සහ සැපයුම යන දෙඅංශයම එකවර පාලනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා ප්‍රාදේශීය කමිටු, පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය යන්ත්‍රණය මෙන්ම ආගමික නායකයන්ගේ සහයෝගය ද ලබාගැනීමට කටයුතු යොදා තිබේ.
















