විදෙස්ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර මැලේසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී පොලිසිය විසින් ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව පවසමින් ඇය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඇයව කැඳවා තිබූ පසුබිමක් තුළ මෙම නඩු කටයුත්ත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා හමුවේ කැඳවා තිබේ.














