AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක විශේෂ අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට මග සැලසෙන අතර, වෛද්‍ය විනිශ්චයන් හෝ රෝගී තත්ත්වයන් මත පදනම් නොවී දරුවාගේ සහජ දක්ෂතා සහ අවශ්‍යතාවලට මුල්තැන දෙමින් පෞද්ගලික ඉගෙනුම් සැලැස්මක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ.
කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට සතියට දින 3ක් AOD ආයතනය වෙත පැමිණ විශේෂඥ කණ්ඩායමක මගපෙන්වීම යටතේ තමන්ට ගැලපෙන වේගයෙන් ඉගෙනුම් කටයුතු සිදු කළ හැකිය. චිත්‍ර ඇඳීම, මූර්ති ශිල්පය, රෙදිපිළි නිර්මාණය, ඩිජිටල් නිර්මාණකරණය සහ ග්‍රැෆික් වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන මෙම පාඨමාලාව හදාරන සුදුසුකම් ලබන දරුවන්ට ලන්ඩන් O-Level විභාගය සඳහා ඉංග්‍රීසි සහ ගණිතය හැදෑරීමටද පහසුකම් සලසා ඇත. පාඨමාලාව නිමවන සිසුන්ට AOD හි Foundation පාඨමාලාව හරහා BA (Hons) උපාධිය දක්වා ඉදිරියට යාමට හෝ ස්වාධීනව කටයුතු කිරීමේ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන අතර, වැඩි විස්තර සඳහා 077 308 7782 අංකය ඔස්සේ ආයතනය ඇමතිය හැක.














