• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට්ටක්කුලිය බහුකාර්ය ගොඩනැගිල්ල කොළඹ නගරාධිපතිනිය අතින් ජනතා අයිතියට

15 August 2022
in දේශීය

කොළඹ මහ නගර සභාව මගින් රුපියල් මිලියන 325 ක මුදලක් වැයකර ඉදිකරනු ලැබූ මට්ටක්කුලිය බහුකාර්ය ගොඩනැගිල්ල අද (15) දින නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදී. මෙය මහා නගර සභා මන්ත්‍රී රෝයි බෝගහවත්ත මැතිතුමාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වුවකි.

මෙම ගොඩනැගිල්ල තට්ටු තුනකින් සමන්විත වන අතර බිම් මහලේ රුපියල් මිලියන 35 ක් වැය කොට ඇමරිකානු සන්නාමය සහිත (PRICO) උපකරණ ඇතුලත් කායවර්ධන මධ්‍යස්ථානයක් ද, පළමූ මහලේ දරුවන් 75 දෙනෙකුට පාඩම් කළ හැකි වායුසමනය කළ අධ්‍යාපන ශාලාවක් සහිත නවීන පුස්තකාලයක් ද, දෙවන මහලේ පුද්ගලයින් 225 ක් අසුන් ගත හැකි වායුසමනය කළ උත්සව ශාලාවකින් සමන්විත වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනීය ” එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේ දී කොළඹ මහ නගර සභාවට තරග කරනකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මගින් අපි ඉදිරිපත් කළා කොළඹ නගරයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු මොනවද කියන එක ගැන. මගේ සංකල්පයක් උනේ හැම කොට්ඨාසයකම බහුකාර්ය මධ්‍යස්ථානයක් බිහි කරලා ඒ බහුකාර්ය මධ්‍යස්ථාන හරහා ඒ ඒ කොට්ඨාස වල ඉන්න ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් ලබා දීමයි. මේම බහුකාර්ය මධ්‍යස්ථාන හරහා පෙර පාසල්, දිවා සුරකුම් මධ්‍යස්ථාන, පුස්තකාල , විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපනික ස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් දියත් කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් සලසාදීම, වෘත්තිය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වැනි දෑ මෙම මධ්‍යස්ථාන හරහා බිහිකරලා කොළඹ නගරයේ දුවා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වගේම අපගේ කාන්තාවන්ගේ ජීවනෝපාය ශක්තිමත් මාගේ එකම අභිප්‍රාය වෙනවා.සමහර ප්‍රදේශවල ජනතාව ඉතාම කුඩා ඉඩ කඩක තමයි ජීවත් වෙන්නේ. සමහරුන්ගේ නිවස ඇතුළේ පාඩම් කරන්න වත් ළමුන්ට ඉඩ කඩක් නැහැ. මෙවැනි තත්වයක් යටතේ ඒක හඳුනාගෙන තමයි මේම බහුකාර්ය මධ්‍යස්ථාන හරහා පුස්තකාලයක් ලබාදීමට තීරණය කරලා තියෙන්නේ. දරුවන්ට නිදහසේ තමාගේ නිවසින් ඇවිල්ල පාඩම් කරලා තමන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරන්න අවශ්‍ය පහසුකම් මෙම බහු කාර්ය මධ්‍යස්ථාන හරහා ලබාදී තිබෙනවා. දරුවන්ගේ නාගතය ශක්තිම කිරිම තමයි මගේ හදවතේ තියෙන පළවෙනි කර්තව්‍යය සහ ඉලක්කය. දරුවකුගේ මොලේ වර්ධනය සියයට හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පලවෙනි අවුරුදු පහ ඇතුලත. බොහෝ දෙමාපියන් ඒක දන්නේ නැහැ ඉතින් අපි ඔහේ ඕනෑම පෙර පාසලකට දරුවා දාලා ඕන එකක් ඉගනගන ආපු දෙන් කියලා හිතනවා. එහෙම නෙමෙයි ඒක විද්‍යානුකූලව මනෝවිද්‍යාවට අනුකූල ව ක්‍රමානුකූල ව යම් කිසි විෂය පද්ධතියක් පදනම් කරගෙන ඉගෙන ගත යුතු දෙයක් තමයි පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ. ඒක හරියාකාරව හරි නියාමනයකි යුක්තව කිරිම තමයි අපගේ වගකීම ඇයි නගරාධිපතිතුමිය ඒහි දී පැවසුවේය.

Post Views: 18
Previous Post

රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි – ජනපති  

Next Post

නොරොච්චෝලේ, ලක්විජය විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැ‍ටේ

editor

editor

Next Post

නොරොච්චෝලේ, ලක්විජය විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැ‍ටේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved