27 April 2024
#දේශීය

මහජන පුස්තකාලය ජුනි මස 08 වනදා වීවෘත කිරීමේ සුදානමක් – කොළඹ නගරාධිපතිනිය

කොළඹ මහජන පුස්තකාලයද පාඨකයින් සඳහා ජූනි මස 08 වන දින විවෘත කිරිමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (26)කොළඹ මහ නගර සභා කමිටු ශාලාවේදීය.

එහිදී නගරාධිපතිනිය මේ කියා සිටියේය “ මෙතෙක් අපි කොළඹ බල ප්‍රදේශය තුළ ජීවත් වන දුගී දුප්පත් පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දුන්නා. අද මම තීරණය කලා එම පවුල් ප්‍රමාණය 14,500 දක්වා වැඩි කරන්න.ඒ වගේම කොළඹ නගරය තුළ ජීවත් වන ජනතාව ඉතාමත් අසීරු තත්වයකට පත් වෙලා තිබෙන මේ අවස්ථාවේදී මම ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලීමක් කලා කොළඹ නගරයේ ජීවත් වන පවුල් 50,000 ත් සඳහා සහල් 10 Kg බැඟින් නගර සභාව හරහා ලබා දීමට. ඒ ඉල්ලීමට ඇහුම්කම් දීලා ආණ්ඩුකාරතුමා සුභවාදී පිළිතුරක් ලබා දෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. වරිපනම් සහ අනිකුත් සේවා සඳහා ගෙවීම් සිදු කිරීමට කොළඹ මහ නගර සභාව වෙත පැමිණෙන ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් ඒ අදාළ ගෙවීම් කොළඹ දිස්ත්‍රික් කාර්යාල 06 හරහා සිදු කර ගැනීමටත් වැඩ පිළිවලක් සකස් කරනවා. විදේශ රටවලින් පැමිණ නිරෝධායනය අවසන් කර නිවෙස් වලට පැමිණෙන කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජනතාව නැවත ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිවසේ සිට නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කරනවා. මේ සියලුම කාර්යයන් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා වන අයුරින් සිදු කිරීමට සියලුම වැඩ පිළිවලක් සකස් කරනවා වගේම විශේෂිත බස්රථ සේවාවක් කොළඹ නගරය ඇතුළත ක්‍රියාත්මක කර ජනතාවට ගමනා ගමන පහසුකම් ලබා දීමටත් කටයුතු කරනවා. අපි කොළඹ නගරයේ ජනතාවගේ පහසුව සඳහා මේ සඳහන් කල සියලුම ක්‍රියාමාර්ගයන් හැකි ඉක්මනික් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. කොරෝනා වෛරසය පැතිරී යාමත් සමඟ දෛනකව ආදායම් මාර්ග අහිමි වූ පවුල් වලට රජය විසින් ගෙවනු ලැබූ රුපියල් 5,000 ක දීමනාවද දෙවනි වරටත් කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිතතුමාගෙන් මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කර සිටිනවා. රටේ සෞඛ්‍ය තත්වය සාර්ථකව වර්ධනය කිරීමට රජය කටයුතු කලා වගේම ජනතාවගේ අනිකුත් අවශ්‍යතාවයන් ඉටු කිරීමත් රජයේ වගකීමක් බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *