27 July 2024
#දේශීය

කිරිඇල්ලගේ ලිපි යැවු මාධ්‍ය සගයෝ නිදහස් වෙයි

පසුගිය වසරේ එනම් 2019 වසරේ මැයි මාසයේ මුල් දිනවල හිටපු අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු යම් ලිපි කිහිපයක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. එම කාර්යාල නිලධාරින් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය අංශයේ සිටි අය වේ.

මොවුන් තිදෙනා ලිපි කිහිපයක් විහාරස්ථාන 800 කට යෑවීම සඳහා තැපැල් මුලස්ථානයට පැමිණ සිටියදී එහිදී එම නිලධාරින්ට සැකයක් මතුව ඔවුන්ගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එම ලිපි විවෘත කර තිබේ. එහිදී දැක ගන්නට හැකිව ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව විහාරස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති ලියුම් බවයි. 

ඒ පිළිබඳ තැපැල් මුලස්ථානයේ නිලධාරින් විසින් කොටුව පොලිසිය වෙත දැනුම් දී ඇති අතර එහිදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හිටපු අමාත්‍ය කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ අය බව අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අධිකරණයේ නඩුව විභාගය පැවැති අතර 2019 ජුනි 18 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මොවුන් තිදෙනාව ඇප මත නිදහස් කරනු ලැබිය.

පසුව අද දිනයේදී එම සැකකරුවන් තිදෙනා කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කරන ලෙස නීතිපතිගේ වාර්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (රංග දිසානායක) වෙත යොමු කර තිබේ. ඒ අනුව කරණ්දෙණියේ ගෙදර සම්ත් කුමාර, ධනූශ බණ්ඩාර , කවිදු තක්ශිල යන අය කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කරණු ලැබු බව ඔවුන්ගේ නීතිඥයින් විසින් TTVnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *