• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලැබෙයි

3 June 2021
in දේශීය

කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සහ එංගලන්තයේ Medical Aid Sri Lanka සංවිධානය එක්ව කොවිඩ් ප්‍රතිකාර කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවේ රෝහල් 12කට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේදී සිදුවිය.

හලාවත මහ රෝහල, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය, යාපනය ශික්ෂණ රෝහල, කයිට්ස් රෝහල, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල, දඹදෙණිය මූලික රෝහල, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ශාරිපුත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය, මීරිගම මූලික රෝහල, මතුගම දිස්ත්‍රික් රෝහල, බිබිල මූලික රෝහල, කන්තලේ මූලික රෝහල යන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා රුපියල් මිලියන 08කට වැඩි වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර ඒ සදහා ICU Beds, Patient Monitors, Infusion pumps, Nebulizer masks, Pulse Oxymeters, Medical Oxygen Regulators, C Pac Machines ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත්විය.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා රෝගීන් විශාල වශයෙන් එක්වෙමින් තිබෙන මොහොතක රෝහල් පද්ධතියටද විශාල වශයෙන් වෛද්‍ය උපකරණ අවශ්‍යවෙමින් තිබෙන බවයි.

පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ එම මොහොතේම අදාල රෝහල් වෙත ලබාදීමට කටයුතු කළ අතර ඒ සදහා මුලතිව් රෝහල වෙනුවෙන් වෛද්‍ය එව්.වන්නිආරච්චි මහත්මිය, යාපනය රෝහල වෙනුවෙන් වෛද්‍ය ශිවශංකර් මහතා, කන්තලේ රෝහල වෙනුවෙන් වෛද්‍ය ශාලිකා රූපසිංහ මහත්මිය, මීරිගම රෝහල වෙනුවෙන් වෛද්‍ය අධිකාරී වෛද්‍ය කේ.බී.සමරකෝන් මහතා, හලාවත රෝහල වෙනුවෙන් ඖෂධවේදී ඊ.එම්.පී.ඒකනායක මහත්මිය, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙනුවෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා ඇතුලු පිරිස එක්වූ අතර පරිත්‍යාග කටයුතු සදහා කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මහතා, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ඩී.ඩී වීරසේකර මහත්මිය, එහි භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය කල්යානි ගුරුගේ මහත්මිය, එහි කමිටු සාමාජික වෛද්‍ය ආනන්ද රණතුංග මහතා, බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

Post Views: 13
Previous Post

නාමල්ට තවත් රාජ්‍ය ඇමැති ධුරයක්

Next Post

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ – ජවිපෙ

editor

editor

Next Post

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ - ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved