මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් හත් දෙනාගේ දේහයන් වෙත ගෞරව දැක්වීම සඳහා එම දේහයන් අද (07) රාත්‍රියේ සිට හෙට (08) දින දක්වා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ අවන්හලේ තැන්පත් කර ඇති බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කරයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන්
ජේලර් එස්. එච්. එස්. චන්ද්‍රවංශ
එස්. ඩී. එස්. අබේවර්ධන (නියාමක)
ඒ. ඩී. තරංග (නියාමක)
ටි. එන්. ආර්. තිලකසිරි (නියාමක)
බි. එන්. එන්. තරංග (නියාමක)
ආර්. පියල් සංජිව (නියාමක)
ඩී. ඩබ්ලිව්. පුෂ්ප කුමාර (නියාමක)
ගැටුමෙන් තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 85ක් වන අතර, ඉන් 12 දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් වේ.
තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරීන් 3ක්, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 6ක් සහ රැඳවියන් 59ක් ද සිටිති.
සමස්ත මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත (බන්ධනාගාර නිලධාරීන් 7ක් සහ රැඳවියන් 20ක්).
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ බොහෝ නිලධාරීන් විවාහකයන් සහ කුඩා දරුවන් සිටින පියවරුන් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නාවික හමුදාවේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන සේවයක් ඉටු කළ, ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූ අය වේ. ඔවුන් තම රාජකාරිය ඉටු කරමින් සිටියදී මෙලෙස හදිසියේම සිය පවුල්වල සාමාජිකයන් සහ කුඩා දරුවන් අතහැර සදහටම දෙනෙත් පියා ගැනීම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දැඩි ශෝකයට සහ කම්පනයට හේතු වී ඇත.
















