27 April 2024
#දේශීය

කෝපා කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නිතරඟයෙන් පත් වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිතරඟයෙන් අද (05) තේරීපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා විසින් මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම කාරක සභාවේ සභාපතිවරයා ලෙස යෝජනා කරන ලද අතර එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් පෙරේරා මහතා විසිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේ මෙම කාරක සභාවේ හිටපු සභාපතිවරුන්ගේ සහ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන කාරක සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, (ආචාර්ය) සුරේන් රාගවන්, විමලවීර දිසානායක, ඩයනා ගමගේ, කාදර් මස්ථාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, (ආචාර්ය) සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අශෝක අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත සමරවීර, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උදුගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ශානක්කියන් රාසමානික්කම්, සහන් ප්‍රදීප්, ඩී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) චරිත හේරත් සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *