• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ 2023 දි කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක් – ඇමැති අලුත්ගමගේ

26 August 2020
in සංවර්ධන

කිරි නිෂ්පාදනය අතිශය වැදගත් වන අතර කිරි ගොවියා රැකගනිමින් මෙම නව වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිලිවෙල යටතේ ස්වයංපෝෂිත ශ්‍රි ලංකාවක් බිහිකිරිම අරමුණු කර 2023 වන විට රටේ කිරි අවශ්‍යතාවය රට තුලම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවකදිය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා “වතු සමාගම් 22 ක් රට තුළ තියෙනවා. එක් වතු සමාගමකට අපි කිරිගවයින් දාහක් ගන්න කියලා ඉල්ලුවා. ඒ වගේම තමයි ඊට අවශ්‍යතා මත යටිතල පහසුකම් රජය මඟින් ලබාදෙනවා. ඒ අනුව තාක්ෂණික දැනුම, සහන, මූල්‍ය ආධාර, සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් සහ අනෙක් සියලුම පහසුකම් සැපයෙනවා. ඒ මඟින් දැනට රටේ වාර්ෂික නිෂ්පාදනය කරන කිරි ලීටර් මිලියන 422 ක ප්‍රමාණය කිරි ලීටර් මිලියන 750 දක්වා වැඩි කිරීමට හැකිවනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙලට අපි වැවැළි කර්මාන්ත අමාත්‍යාංශයේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේශීය කිරි ගොවියා අපි ආරක්ෂා කරනවා. එම සමාගම් 22 කට ගවයින් මිලදී ගැනීම පමණයි ඔවුන් සිදුකළ යුත්තේ. අර කිව්ව සියලුම පහසුකම් අපි ලබාදෙනවා. ඒ අනුව කිරි ගවයින් 22,000 කට අවශ්‍ය සියලුම පහසුකම් රජය මගින් ලබාදෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි කෘෂිකර්මාන්තයේ ඒ දළදේශීය දායකත්වය ඉහළ නංවන්න අදහස් කරන්නේ. මොකද කෘෂිකර්මාන්තයෙන් දළදේශීය නිෂ්පාදනයට දායකත්වය මීට පෙර 37% ක් ව පැවතුණා. නමුත් පසුගිය කාලයේ එය 7% ක් දක්වා පහළ වැටුනා. ඊට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටසක් වන කිරි නිෂ්පාදනය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා කිරි ගොවියා රැකගනිමින් මෙම නව වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය.

 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරුන් හා රජයේ හා පෞද්ගලික වතු සමාගම් වල නියෝජිතයින් අයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවිය.

 

Post Views: 10
Previous Post

දුප්පත් ජනතාව ණය උගුලෙන් වැළැක්වීමට සමෘද්ධි බැංකු යොදා ගත හැකිය – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි 

Next Post

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරයි

editor

editor

Next Post

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved