27 April 2024
#දේශීය

යාල වනයේ සෙල්ලම් දැමු වාහන අත්අඩංගුවට ගන්නැයි ඇමැති අමරවීරගෙන් නිලධාරින්ට උපදෙස්

යාල වනයේ සෙල්ලම් දැමූ ඉතිරි වාහන දෙකත් අත් අඩංගුවට ගන්නැයි වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 25 දින යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා යාල වනයේ සතුන්ට හිංසාවන අයුරින් වාහන ධාවනය කල සිද්ධියට අදාලව  මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබීය.

එහි දී අදහස් පළ කළ යාල වනජීවි නිලධාරින් වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති අතර එම වාහන මේ වන විට අධිකරණය බාරයේ පවතින බව ද වනජීවි නිලධාරින් සඳහන් කළේය.

එමෙන්ම ඉතිරි දෙදෙනා ද වහාම අත් අඩංගුවට නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. වන සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ එම පුද්ගලයින් සියලු දෙනා සම්බන්ධව වනජීවි පනත යටතේ නීතිමය පියවර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *