මෙම විමර්ශන කටයුතු මේ වන විට ඉතා සාර්ථක මාවතක ගමන් කරමින් පවතින බවත්, එහි සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඒකාබද්ධව සිදු කරන මෙම පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අමතරව රටේ සිදුවූ අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතයන් පිළිබඳව ද රජයේ පූර්ණ අවධානය යොමු වී ඇති අතර, එම පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සහතික විය. ජනතා විශ්වාසය සුරකින පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම එළඹෙන මැයි දිනය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වෙන මැයි රැලි සහ සැමරුම් උත්සව සඳහා අවශ්‍ය පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විටත් සූදානම් කර ඇති බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.













