• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයට ඔසවා තැබීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මඩකලපුවෙන් ඇරඹේ

5 June 2026
in දේශීය, පුවත්
ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයට ඔසවා තැබීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මඩකලපුවෙන් ඇරඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවෙකු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වැනි පියවර ලෙස, මඩකලපුව නැඟෙනහිර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ පරිශ්‍රයේ ඉදිකළ තාක්ෂණික ව්‍යාපාර බිහි කිරීමේ මධ්‍යස්ථානය (Technology Business Incubation Center – TBIC) ඊයේ (04) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව නවීන පර්යේෂණ උපකරණ සහිතව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. නැඟෙනහිර පළාතේ බහුලව පවතින කෘෂිකාර්මික, පශුසම්පත් සහ සාගර සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින්, නවීන විද්‍යාත්මක දැනුම ඔස්සේ අගය එකතු කළ ආහාර නිෂ්පාදන බිහි කිරීම සහ ඒවා වාණිජකරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට පරීක්ෂණාගාර පහසුකම් ලබා ගැනීමට දැන් කොළඹට යාමට අවශ්‍ය නොවන බවයි. නව නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීමට මඟ පෙන්වමින්, එය වාණිජකරණය දක්වා ගෙනයෑමට රජය සහය දෙන බවත්, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6%ක ප්‍රතිශතයක් වෙන් කිරීමට ඉදිරියේදී ක්‍රමානුකූලව කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී පෙන්වා දුන්නේ ආර්ථිකයට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහි කරන්න මෙම මධ්‍යස්ථානයට හැකියාව පවතින බවයි. එදා ලකුණු දාගන්න තනියම වැඩ කරපු අමාත්‍යාංශ වෙනුවට, අද වත්මන් රජයේ අමාත්‍යාංශ රටේ සංවර්ධනය වෙනුවෙන් සාමූහිකව එකට එකතු වී ප්‍රතිපත්ති සකස් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
Post Views: 11
Previous Post

ගොඩනැඟිලි විතරක් මදි අධ්‍යාපනයේ අන්තර්ගතයත් හොඳම දේ විය යුතුයි කුරුණෑගලදී අගමැතිනියගෙන් ප්‍රකාශයක්

Next Post

රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමේ රජයේ පියවර ලෝක රේගු සංවිධානයේ ඉහළ පැසසුමට

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමේ රජයේ පියවර ලෝක රේගු සංවිධානයේ ඉහළ පැසසුමට

රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමේ රජයේ පියවර ලෝක රේගු සංවිධානයේ ඉහළ පැසසුමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved