• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

3 June 2021
in ක්‍රීඩා

ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා දීම සිදු කෙරිණි.

ඊයේ (02) දින ටොරින්ටන් පරිශ්‍රයේ දී පැවැති මෙම වැඩසටහන සඳහා එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම් සහ පැරා ක්‍රීඩාවලට අදාළව උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකු සහභාගි විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගෙන සුදුසුකම්ලත් පෝෂණ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත නිසි උපදෙස් ලබාගනිමින් මෙම පෝෂණ දීමනාව පිරිනමයි.

ඒ සඳහා මසකට එක් ක්‍රීඩකයකු සඳහා වැයවන රුපියල් 25,000/- ක් පමණ වූ මුදල ක්‍රීඩකයන් 60දෙනා සඳහාම වසරක් පුරාවටම මූල්‍යමය වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ෆොන්ටේරා සමාගම ඉදිරිපත් වී සිටියි.

සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමින් පමණක් නොව පෝෂණ මට්ටමින් ද සවිමත් කර අපේ රටේ ක්‍රීඩාව රනින් ජයග්‍රහණය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සැළසුම වී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය,ජාතික ක්‍රීඩා සභාවේ උසස් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම, ෆොන්ටේරා සමාගම නියෝජනය කරමින් දිනිත් පතිරණ මහත්වරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

Post Views: 22
Previous Post

අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි – ජනපති

Next Post

ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved