• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල් ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

14 November 2020
in දේශීය

බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියළු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ මහතා රටටම අවශ්‍ය නායකයෙක් කියලා. එතුමගේ තියෙන දැනුම, අද්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියළු දෙනාම ඉන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයතු ඉතාමත් හොදින් කරගෙන යනවා. එම පරික්ෂණ කටයුතු හොදින් කරගෙන යනවා කියලා අපේ කාදිනල් හිමිපාණන් පවා පිළිගෙන තිබෙනවා. කොමිෂන් වාර්තාව ලබා දුන්න ගමන් ඒ සඳහා නිත්‍යානුකූල පියවර ගැනීමට තමා අපි ආණ්ඩුවක් වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ.

කොවිඩ් 19 වැඩිවෙනකෙට ජනතාව ආරක්ෂා කර ගැනීමට පහසුවෙන් හා අඩු වියදමකින් කරන්න පුළුවන් දේ තමා ඇන්ටිජන් කට්ටල ගෙන්නලා ජනතාව පරීක්ෂා කරන එක. එමගින් කොවිඩ් 19 ට ගොදුරු වෙලාද නැතිද කියලා බලන එක. එවැනි පහසු ක්‍රමයකට බලන්න තියෙන උපකරණ ගේන එකට ඇයි විපක්ෂය විරුද්ධ වෙන්නෙ. විපක්ෂයට පැහැදිලිව ඕනේ වෙලා තියෙන්නෙ කොවිඩ් වැඩි වෙලා, මිනිස්සු මැරිලා, ආර්ථිකය විනාශ වෙලා, කඩවල් වැහිලා තියෙනවට. එමගින් විපක්ෂයට බලයට එන්න පුලුවන් වෙයි කියලා තමා බලාපොරොත්තු වෙන්නෙ. එහෙම නැතිව රටක් විදිහට හිතලා, ආර්ථිකය ගැන හිතලා, ජනතාව ගැන හිතලා කටයුතු කරන්නෙ නැහැ. මොකද මේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන්නෙ ඔක්තෝම්බර් මාසයේ. ඒක අනුමත කරපු ගමන් ඉතා ඉක්මනින් ලංකාවට ගේන්න ඕනේ. එහෙම කළොත් තමා රටේ ජනතාව බේරගන්න පුළුවන්. ඒකට බාධා කරන එක තමා එයාලා කරන්නේ. පැහැදිලිව කියන්න ඕනේ සමහර ඖෂධ සමගාම් තමා එයාලා පිටිපස්සේ ඉන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 8
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 12,909 දක්වා ඉහලට

Next Post

ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි

editor

editor

Next Post

ලෝ වැසි ජනතාවට සෙත් පතා රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්වලට ජනපති එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved