• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුසලතා වර්ධනයට සියළු දේ කරන බව රාජ්‍ය ඇමැතිනි සීතා කියයි

14 August 2020
in දේශීය

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් එය යථාර්ථයක් බවට පත් කරන්නට සිය අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (14) සිය රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ රාජකාරි ආරම්භ කරමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය ”මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත්වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණයවීමේ මූලික අඩිතාලමක් වෙන්නෙ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම තුළින් ඊලඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනගන්න වෘත්තීය පුහුණුව ලබා දෙමින් මේ රටේ කුසලතාවයන් වැඩි වර්ධනය කරමින් රැකියාවලට යොමු කිරීම මේ රජයේ බලාපොරොත්තුවයි. ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා නම් කරලා තියනවා. එය යථාර්ථයක් බවට පත් කරන්නට මේ අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යනවා. ඔවුන්ට මේ රට ගොඩනගන්නට පසුබිම සකස් කරගෙන ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට මා හිතනවා මාගේ මේ රාජ්‍ය අමාත්‍යාංශය තුළින් බොහෝ කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා නීතිමය පසුබිමත් සකස් කරලා තියනවා.’මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතුව නැගී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්නට කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශය තුළින් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.’‘ යන්න ද අවධාරණය කළාය.

මේ අවස්ථාව සඳහා අමාත්‍යාංයේ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය මහතා, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) , අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවලට ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Post Views: 17
Previous Post

රැකියා නියුක්ත වැඩසටහන් නොපමාව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

Next Post

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ - ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved