• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

14 June 2018
in සංවර්ධන

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප‍්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.

එම සමුළුව පසුගිය 07 සහ 08 වනදා චීනයේදී පැවැත්විණ.

සමුළුවට සමගාමීව විශේෂ සම්මන්ත‍්‍රණ 14 ක් සහ ව්‍යාපාර හමු 160 ක් ද සංවිධානය විය. චීනයේ වාණිජ අමාත්‍යාංශය මෙම සමුළුව සංවිධානය කළේ ය.

මෙහිදි චීන වාණිජ සංගමය සහ ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය අතර ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය. ආයෝජන මණ්ඩල සභාපති රංජිත් ගුණතිලක මහතා ලංකාව වෙනුවෙන් අත්සන් තැබීය.

මෙම අවස්ථාවට යුක්රේනයේ යටිතල පහසුකම් අමාත්‍ය වී. ඔමෙල්යාන් මහතා, සැම්බියාවේ නිවාස අමාත්‍ය රොනල්ඞ් ක ඕමා මහතා, චීනයේ ජාත්‍යන්තර කොන්ත‍්‍රාත් සමාගමේ සභාපති ෆැන්ග් ක්විචෙන් මහතා, මැකාවෝ රාජ්‍යයේ වෙළඳ සහ ආයෝජන ප‍්‍රවර්ධන ආයතනයේ සභාපති ජැක්සන් චැංග් මහතා සහ ඇමරිකා වාණිජ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ ෂා ඕ යින්ජුන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

විවිධ රටවල් 66 කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන්, විද්වතුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර 2019 වසරේදී 10 වෙනි සමුළුව මැකා ඕ රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

Post Views: 11
Previous Post

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

Next Post

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

editor

editor

Next Post

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved