ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය ඉදිරි දිනවලදී සාර්ථකව කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා විශ්වාසය පළ කරයි. අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව (World Bank) හරහා ඉදිරි දින කිහිපය තුළ තවත් ඩොලර් මිලියන 700කට අධික සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ගලා ඒමට නියමිත බවයි. මෙම මූල්‍ය ලැබීම් සමඟ වෙළඳපොළ තුළ ඩොලර් සැපයුම ඉහළ යන බැවින් රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














