• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු විසඳන බව ඇමැති විමල් කියයි

3 November 2020
in දේශීය

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

ඒ සම්බන්ධයෙන් වු විසඳුම් ලබා දීම පිණිස අවශ්‍ය තීන්දු ගැනීමට අද (03) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද සහභාගි විය.

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයනික තහනම දේශීය කර්මාන්තකරුවන්ට බලපා ඇති ආකාරය තාර්කිකව සලකා බලා අවශ්‍ය පියවර ගැනීමේ දී දේශීයව නිපදවිය නොහැකි නිසා කඩිනමින් එකී තහනම ඉවත්කළ යුතු භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කරන තෙක් තාවකාලිකව තහනම ඉවත්කළ යුතු භාණ්ඩ හා කිසිසේත්ම ආනයනය නොකළ යුතු භාණ්ඩ යනුවෙන් ලයිස්තු ගත කිරීමක් සිදු කිරීමට මෙහිදී තීරණය විය.

ඉහත ලැයිස්තු සැකසීම මෙම සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල අදාළ අමාත්‍යාංශ දෙකෙහි ඉහළ නිලධාරීන්ගෙන් සහ රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සැකසීමට නියමිතය. එම ලැයිස්තුව සැකසීමෙන් අනතුරුව අවසන් තීරණය ගැනීම සඳහා ලබන අඟහරුවාදා අමාත්‍යවරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවේ දෙවන අදියර පැවැත්වෙනු ඇත.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම් .ඒ. රත්නායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තීරුබදු), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ජම්පටාවිදියේ නිවසින් මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි

Next Post

අමෙරිකා ජනපති සටන ඇරඹෙයි … 

editor

editor

Next Post

අමෙරිකා ජනපති සටන ඇරඹෙයි ... 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved