• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු බව ඇමැති විමල් කියයි

24 August 2020
in දේශීය

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව පැවසුවේ ඊයේ (23) හෝමාගම උඩුවන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා කතාවෙන් පෙන්නුම් කරන්නේ එවැන්නක් බවත් ඒ නිසා ‘මංගල උත්සවයක බීමතින් හැසිරෙන පුද්ගලයෙකුට පහරදී එම උත්සවය ගැටුම්කාරී ස්ථානයක් බවට පත් නොකර ගන්නවා’ සේම එදින ඊට තමන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ප්‍රතිචාර නොදැක්වූ බවත් විරවංශ මහතා පැවසීය.

එහිදී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” විග්නේෂ්වරන්ට උවමනා ‘මම සම්බන්ධන්ට වඩා දෙමළ ජනතාවට කිට්ටුයි’ කියා පෙන්වීමටයි. කොළඹ හතේ ජීවත් වුණු, රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු, තමන්ගේ දරුවන් දෙදෙනාම සිංහල අයට විවාහ කර දුන් අයෙකු නිසා, විග්නේෂ්වරන්ට දෙමළ ජනතාවට ළං වීමට මඟක් උවමනායි. ඇඟේ නැති ජාති ආලයක් පෙන්වන්නයි මෙයා පාර්ලිමේන්තු ඇවිත් කියන්නේ ‘ලෝකයේ පැරණිම භාෂාව දමිළ භාෂාව’ කියා. එහෙම කියපු ගමන් ‘අවුස්සා ගන්න’ පුඵවන්. එවිට ඒක දෙමළ පත්තරේ ‘හෙඞ් ලයින්’ දාන්න පුඵවන්. ඊට පස්සේ තමයි විග්නේෂ්වරන්ට, සම්බන්ධන්ට වඩා ලොකු වීරයෙකු වීමට පුඵවන් වෙන්නේ. ඒකට තමයි විග්නේෂ්වරන් 09 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සුබ පැතුමට ලැබුණු අවස්ථාවේ ‘ඇම දාලා’ බැලුවේ.

‘අද උතුරේ දමිළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා’

මේ විදියට අද විග්නේෂ්වරන්ලාට හැසිරෙන්නට සිදුවී ඇත්තේ ඇයි, කියා අපි විමසා බැලිය යුතුයි. අද උතුරේ දෙමළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. මන්ත්‍රී ධුර 16ක් තිබුණු දෙමළ ජාතික සන්ධානය අද මන්ත්‍රී ධුර 10කට පල්ලම් බැහැලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හකීම්ලාගේ බලාධිකාරිය මැද්දේ ඒ. එච්. එම්. අතාවුල්ලා මහතාට නැගෙනහිරින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබෙනවා. එමඟින් පෙනී යන්නේ ක්‍රමානුකූලව දමිළ – මුස්ලිම් ජන සමාජ අන්තවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා එකම රටක ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් විය හැකි අනාගතයක් හැදීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් තිබෙන බවයි. ඒ ප්‍රවණතාවට අපි ජීවය දිය යුතුයි.

මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි

‘යාපනයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමාට සහ හකීම්ලාගේ ප්‍රහාර මැද්දේ නැගෙනහිරින් මැති සබය ජයගත් අතාවුල්ලාටත් අමාත්‍ය ධුර ලබා දිය යුතුයි’ කියා මා දකිනවා. අපි ඒ මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි. එවිට තමයි ඒ ජන නායකයන් ඒ ජන සමාජ තුළ වඩ වඩාත් ශක්තිමත් වන්නේ. එවිට තමයි හකීම්ලාගේ – රිෂාඞ්ලාගේ සහරාන්ලා සමඟ ‘උකු`ඵ මුකු`ඵ’ කළ අන්තවාදී දේශපාලනය, අතුගා දැමීමට හැකිවන්නේ. එවිට තමයි විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනයට තවදුරටත් පැවැත්මක් නැතිවන්නේ. එහෙම කළොත් තමයි ඉහත කී ජාතිවාදී කල්ලිවලට මේ රටේ ඉරණම තීරණය කිරීමට නොහැකි වන්නේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රට රැගෙන යමින් තිබෙන්නේ ජාතිවාදී කල්ලිවලට තවතවත් සෙල්ලම් කරන්න පු`ඵවන් අනාගතයකට නොවෙයි. මේ රට තවදුරටත් ස්ථාවර කර ඒකීයභාවය බලවත් කරන, කාටවත් ඇඟිලි ගැසිය නොහැකි බලවත් රාජ්‍යයක් සඳහා වන ගමන තමයි අද අපි යමින් තිබෙන්නේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තව ටික කලකින් එනවා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාවර රටක්, එහෙට මෙහෙට ‘ නල දත වගේ’ හෙල්ලෙන්නේ නැති රාජ්‍යයක් හැදෙනවා. ඒ රාජ්‍යය තමයි තමුන්නාන්සේලාගේ දරුවන්ගේ අනාගතයට ආරක්ෂාව සලසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉතා පැහැදිලිව කීවා, ‘ එක රටක් – එක නීතියක් ’ කියා. එය එක් එක් පුද්ගලයාට උවමනා පරිදි අර්ථකථනය කිරීමට බැහැ.

‘2/3 ක පදනමක්’

පසුගිය දිනෙක සජිත් පිලේ මන්ත්‍රීවරයකු පැවසුවා, ‘මේ රටේ ෂරියා නීතිය තිබෙනවා’ කියා. මේ රටේ ෂරියා නීතියක් නැහැ. සජිත්ගේ ගෝලයනුත් ඔහු වගේමයි. කෙසේ වෙතත් ‘එක රටක් – එක නීතියක් ’ සහිත අභිමානවත් පරිවර්තනයක් සිදුවන විට ඒ අභිමානවත් පරිවර්තනයේ සාක්ෂිකරුවන් ඔබයි. පසුගිය මහ මැතිවරණයෙන් දමනු ලැබුවේ ඒ අභිමානවත් පරිවර්තනය සඳහා වූ පදනමයි. එය සු`ඵපටු පදනමක් නොවෙයි, 2/3ක පදනමක්.

කුහක විපක්ෂය

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන්ට සජිත් ප්‍රේමදාස තරම්වත් මොළයක් නැති බව පෙන්වූවා. ඔහු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවට පැම්ණෙන ආකාරය කිසිදාක දැක නැති අයකු ලෙසයි, ‘සුදු ඉර කැපීමක්’ ගැන කතා කලේ.පාර්ලිමේන්තුව සඳහා වෙන්වූ මාර්ගයේ සියලු ජනාධිපතිවරු උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන්නේ එම මාර්ගය මැද්දේයි. ඔවුන්ගේ කුහකකමට දැන් එවැනි දේ කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අද රතු පැහැය අතහැරලා ‘එන්ජීඕ පාට – දම් පාට’ තෝරාගෙන තිබෙනවා. ආණ්ඩුව ඉතාමත් කුහක ලෙස විවේචනය කරනවා හැර ඔවුන්ට වෙනත් කාර්යයක් නැති වගයි පෙනෙන්නේ. ඔවුන් ඊළඟ මැතිවරණවලදී 3%ත් අහිමි කර ගනිවී. අපි මේ සියලු කුහකකම් මැද්දේ 2/3ක බලය 5/6ක බලයක් දක්වා වර්ධනය කරගෙන බලවත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා මු`ඵ වැර යොදා කටයුතු කළ යුතුයි.”

මෙම ජන හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කොතලාවල යන අය පැමිණි සිටි අතර එය ජානිපෙ උඩුවන සංවිධායක සිසිර බණ්ඩාර මහතා විසින් සංවිධානය කර තිබිණි.

 

Post Views: 8
Previous Post

ගංජා මිශ්‍ර මාවා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

editor

editor

Next Post

මාරක රිය අනතුරින් පියා සහ අවුුරුදු 02 දියණිය මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved