බන්ධනාගාරවල පවතින ගැටුම් සහ විවිධ ගැටළු බොහොමයකට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති නිර්දේශ බොහොමයක් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම බව වාර්තා වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මේ බව පවසා ඇති අතර, අදාළ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවද ඔහු සඳහන් කර ඇත.
බන්ධනාගාරවල පවතින ගැටුම්, ආරවුල් සහ තදබදය වැනි ගැටලු විසඳීම සඳහා නව නීති සංශෝධන ගෙන එන බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානීහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. බන්ධනාගාරවල තදබදය වැළැක්වීම සඳහා අලුතින් බන්ධනාගාර පිහිටුවීම සහ දැනට පවතින බන්ධනාගාර පුළුල් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව බන්ධනාගාර ප්‍රධානීහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
















