මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ජූලි 6 වන දින ඇති වූ දරුණු ගැටුම අතරතුර අතුරුදහන්ව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවිය බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකදී සොයා ගැනීමට සමත් වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 6 වන දින බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව මෙම ගිනි අවිය අතුරුදහන් වී තිබූ අතර, එය සොයා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කර තිබුණි. බන්ධනාගාර පරිශ්‍රයේ සැඟවී තිබියදී මෙම අවිය සොයා ගැනීමට හැකි වූ අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
















