• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණයට යෝජනා දෙන්න – ඇමැති මහින්ද

14 June 2021
in දේශීය

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා විකල්ප වැඩ පිළීවෙළක් යෝජනා කරන ලෙස පරිසර අමාත්‍යවරයා අදාල නිෂ්පාදන සමාගම්වලට හා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශය විසින් මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළීවෙළ යටතේ මේ වනවිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කර තිබේ. එමෙන්ම තවත් පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර එම නිෂ්පාදන ද ඉදිරි කාලය තුළ තහනම් කිරීමට යෝජිතය.

එම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට හේතුව නම් ඒවා නිෂ්පාදනයට පරිසර හිතකාමී හා පහසුවෙන් දිරාපත්වන විකල්ප තිබියදී නිපදවනු ලබන ද්‍රව්‍ය වීමයි.

මේ අතර මි. ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ. විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි. එම නිසා මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා එම බෝතල් මිල දී ගන්නා විට කිසියම් මුදලක් තැම්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හිස් බෝතලය නැවත බාර දී අදාල තැම්පත් මුදල යළි ලබා ගත හැකිවන අතර, හිස් බෝතලය ඉවතට වීසි කළ ද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාර දීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද පිළිවන.

දැනට යෝජනා වී ඇති පරිදි එම තැම්පතු මුදල රුපියල් 10කි. මෙම යෝජනාවට අදාල සමාගම් ද එකඟත්වය පළ කර තිබේ.

කෙසේ වුවද මි.ලී. 750 බෝතල් සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් එම බෝතල් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ ස්ථිර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැනට අපේ රටේ පළාත් පාලන ආයතන සතුව එවැනි බෝතල් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කර්මාන්තශාලාවක් නොමැති හෙයින් මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක්ව ඒකාබද්ධ ප්‍රතිචක්‍රියකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි ද මේ වන විට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

එමෙන්ම මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීමට අදාල යෝජිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දී තිබේ. එමනිසා එම බෝතල් ප්‍රතිචක්‍රියකරණ වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කිරීම අතවශ්‍ය බව ද එම අධිකාරිය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

 

Post Views: 6
Previous Post

තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Next Post

ජනතාවට තවත් බර පටවන්න එපා – කොළඹ නගරාධිපතිනිය

editor

editor

Next Post

ජනතාවට තවත් බර පටවන්න එපා - කොළඹ නගරාධිපතිනිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved