ලොව පුරා සතුන් අතර ඉතා වේගයෙන් පැතිර යමින් පවතින කුරුළු උණ වෛරසය ඕනෑම මොහොතක මිනිසුන් අතරට පැමිණ මහා පරිමාණයේ වසංගත තත්ත්වයක් නිර්මාණය කිරීමේ දැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයන් අනතුරු අඟවනවා. මෙම මාරාන්තික තර්ජනයට එරෙහිව ලෝකය සූදානම් කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ සුප්‍රකට මොඩර්නා සමාගම සහ බ්‍රිතාන්‍යය එක්ව අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ වී තිබෙනවා.
මොඩර්නා සමාගම විසින් පරීක්ෂණාත්මක මට්ටමින් නිපදවන ලද ‘එම් ආර් එන් ඒ 10යි 18’ (mRNA-1018) නම් නවතම එන්නතෙහි අවසන් අදියරේ සායනික පරීක්ෂණ බ්‍රිතාන්‍යය සමඟ ඒකාබද්ධව මේ වන විටත් ආරම්භ කර අවසන්. වයස අවුරුදු 18 සහ ඊට වැඩි නිරෝගී පුද්ගලයන් 4,000කගේ දායකත්වයෙන් සිදුකෙරෙන මෙම දැවැන්ත පරීක්ෂණය මගින් එන්නතේ සාර්ථකත්වය සහ ආරක්ෂිත බව සම්බන්ධයෙන් තීරණාත්මක දත්ත රැසක් ලබා ගැනීමට නියමිතයි.
වසංගත අවදානම කළමනාකරණය කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් දියත් කරන මෙම පියවර ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් වනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාසය පළ කරනවා. අතීතයේ මුහුණ දුන් අමිහිරි අත්දැකීම් යළිත් ලොවට උදා නොවීමට නම් මෙම විද්‍යාත්මක ජයග්‍රහණය හෙට දවසේ අප සැමගේ සුරක්ෂිතභාවය තහවුරු කරන එකම පවුර වනු නොඅනුමානයි.
විද්‍යාව සහ මානව සංහතියේ පැවැත්ම අතර සිදු කෙරෙන මෙම සටනින් ලෝකය ජය ගනු ඇතිද?














