බිබිල – මොනරාගල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තුළදී මගී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන කොන්දොස්තරවරයෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම ඉකුත් 13 වනදා සිදුව ඇති බව වාර්තා වේ.26 හැවිරිදි අදාළ කාන්තාව බස් රථයේ සිටගෙන ගමන් කරමින් සිටියදී සැකකාර කොන්දොස්තරවරයා ඇයගේ ශරීරය ස්පර්ශ කරමින් අතවර කර ඇත. සිද්ධියෙන් පසු ඇය සිය නිවසට ගොස් ඒ පිළිබඳව සැමියා දැනුවත් කර ඇති අතර, අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී රෝහල් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.පැමිණිල්ල ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ මොනරාගල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














