මොණරාගල පොලිස් වසමේ මාගන්දනමුල්ල මාර්ගයේ පින්නපේ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (12) දින මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා මොණරාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















