ස්වාභාවික ආපදාවකින් හානි වූ නිවසක් සඳහා රජයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවය කරන කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් සඳහා රජය මඟින් අනුමත කළ රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලෙන්, පසුගිය අප්‍රේල් 10 වන දින ලබාදුන් පළමු වාරිකය වන ලක්ෂ 20කින් මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 10ක් අල්ලස් ලෙස ලබාගෙන තිබෙනවා.
මීට අමතරව, ඉදිරියේදී ලබාදීමට නියමිත දෙවන සහ තෙවන වාරික මුදල් නිදහස් කිරීමේදී ද තවත් රුපියල් ලක්ෂ 5 බැගින් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනා එළැඹෙන මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.














