මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රිතව ඇති රුපියල් බිලියන 10ක් හෙවත් කෝටි 1,000ක් පමණ වටිනා මැණික් නිධියක් නීත්‍යනුකූලව ගොඩගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර ලබා දී නොමැති බව අනාවරණය වේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2021 සහ 2024 වසරවලදී මේ සඳහා අවසර ඉල්ලා සිටියද වාරිමාර්ග දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත. මෙලෙස රජයේ ආයතන දෙකක් අතර පවතින ගැටලුව නිසා නිල වශයෙන් කැණීම් නතර වී තිබුණද, එම ප්‍රදේශය පුරා හොර රහසේ අනවසර මැණික් කැණීම් මහා පරිමාණයෙන් සිදුවන බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
පසුගිය වසරේ පමණක් එම ප්‍රදේශයේ අනවසර වැටලීම් 38ක් සිදුකර ඇති අතර, මෙම වටිනා ජාතික සම්පත නීත්‍යනුකූලව ලබාගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විගණන අංශ නිර්දේශ කර තිබේ.

















