මොරගහහේන උපතැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් 474,000ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම කොල්ලය පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේදී සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ මුදල් තැපැල් කාර්යාලයට රැගෙන විත් තිබුණේ ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා මාසික දීමනා ගෙවීම් කටයුතු සිදු කිරීමට බව එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
රාත්‍රී කාලයේදී කාර්යාලයේ දොරගුළු කඩා අභ්‍යන්තරයට ඇතුළු වූ සැකකරුවන් එම මුදල් සොරාගෙන පලා ගොස් ඇති අතර, මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
















