පිලිපීනයේ වඩාත් සක්‍රිය ගිනිකන්දක් වන මයෝන් (Mount Mayon) ගිනිකන්ද යළි අවදි වී ඇති අතර, මේ වන විට එහි නිම්න තුනක් ඔස්සේ ලාවා ගලා යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනිකන්දෙන් අළු පිටවීම සහ මධ්‍යස්ථ මට්ටමේ ස්ට්‍රොම්බෝලියන් (Strombolian) ක්‍රියාකාරිත්වයක් පවතින බව බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, ගිනිකන්ද වටා කිලෝමීටර් 6ක සීමාව තහනම් කලාපයක් (Exclusion Zone) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ගත වූ දිනය පුරා එම ප්‍රදේශයෙන් ගිනිකඳු ආශ්‍රිත භූ කම්පන 32ක් වාර්තා වී ඇති අතර, මෙය ඉදිරි ප්‍රබල පිපිරීමක පෙරනිමිති විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි.
ප්‍රදේශයේ වෙසෙන ජනතාව ඉවත් කිරීමට සහ සහන සේවා සැලසීමට පිලිපීන බලධාරීන් මේ වන විටත් පියවර ගෙන ඇති අතර, ගිනිකන්දේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතී.














