මෙවර සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය තුළ, ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවූ මූල්‍යමය පාඩුව ද අන්තර්ගත වී ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.
“මෙවර විදුලි ගාස්තු සංශෝධනය තුළ බාල ගල් අඟුරු ආනයනය නිසා සිදුවූ පාඩුව ඇතුළත්ව නැහැ නේද?” යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පසුගිය කාලසීමාව තුළ මෙරට ජල විදුලි බලාගාර ආශ්‍රිත සියලුම ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටුණු බව පෙන්වා දුන්නේය. එමෙන්ම පවතින ගෝලීය යුද තත්ත්වයන් හමුවේ බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති ආකාරය පැහැදිලි කළ ඔහු, පසුගිය පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 98ක් වැය වූ ස්ථානයට, මැයි මාසය වන විට ඩොලර් මිලියන 400කට අධික මහා පරිමාණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද හෙළි කළේය. මේ හේතුවෙන් සිදුවූ ගල් අඟුරු පාඩුව ඇතුළු සමස්ත පිරිවැයම වත්මන් ක්‍රියාවලිය තුළ අඩංගු වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














