27 April 2024
#දේශීය

night economy මෙන්ම කංසා වගා කරන්න ඕනෑ බව මන්ත්‍රී ඩයනා කියයි

රටේ ආර්ථිකය ගොඩ නංවන්න නම් මෝඩල් විෂන් එකකට වෙනස් විය යුතු බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිනි ඩයනා ගමගේ පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය පැවසුවේ මේ රටේ ජනතාවගේ මුදල් මෙන්ම සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමටනම් රාත්‍රි කාලයේදී තැබැරම් හල් විවෘත තැබිම සිදු කල යුතු බවයි.

රටේ විශාල ආදායමක් ගෙන එන මත්පැන්වලින් ලැබෙන අතර එම ආදායම වැඩි කිරීමටනම් තැබැරුම් හල් පාන්දර 1 වන තෙක් විවෘතව තබන්නැයි ඉල්ලීමක් කර සිටි.

එසේම ආයුර්වේදයට භාවිතා කරන කංසා වගාව තුලින්ම මෙරටට විශාල ආදායම් ලැබිය හැකි තත්ත්වයක් තිබෙන බවත් කංසා වගාව නීති ගත කරලා පිටරට යැවීමට කටයුතු කල යුතු බව ඇය අවධාරණය කලේය.

අපි නිධානයක් උඩ වාඩි වී සිටින්නේ බවත් අපේ දරුවන්ට ණය ගෙවන්න ඉඩ දීමට නොහැකි බවත් ගමගේ මන්ත්‍රීවරිය කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *