• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ ආර්ථිකය ගැන අලුත් බලාපොරොත්තුවක සිටින බව මන්ත්‍රී සංජිව කියයි

7 April 2023
in දේශීය

සංචාරක කර්මාන්ත ඉපැයිම් ප්‍රශස්ත මට්ටමකට පවතින අතර විදේශ ආයෝජන සම්බන්ධ බලශක්ති ක්ෂේත්‍ර ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක අලුත් බලාපොරොත්තුවක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙමින් තිබුණා.ඒ වගේම එල්ඊටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු රට අභ්‍යන්තර සංවාදයක් සහ ජාත්‍යන්තර සභාවල සංවාදයක් තිබුණා ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි නිතිවල වෙනසක් සිදුවිය යුතු බවට. ඒ පිළිබඳ මූලික අවධානයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුන අවස්ථාවේ සිටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ අනුව තමයි මේ මොහොත වන විට ප්‍රතිත්‍රස්තවාදි පනත පිිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. මෙය පනතක් නොවේ. නිත්‍යානුකූල පනත් කෙටුම්පතක්. පනතක් බවට පත්වෙන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාද කරලා ඡන්ද විමසීමකින් සම්මත කරලා ගරු කථානායකතුමාගේ අත්සන තැබීමෙන් පසුව තමයි නිතියක් බවට පත්වෙන්නේ. මෙහිදි මුලික තර්කයක් බවට පත්වෙන්නේ පුරවැසි අයිතීන්, මානව හිමිකම්, පුද්ගල නිදහස මේ පනත් කෙටුම්පතේ ගැටීමක් තිබෙනවා කියලා. නූතන ලෝක දේශපාලනයේ හැම රටක්ම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යම් යම් නීති සම්පාදනය කරලා තිබෙනවා. මෙහිදි මූලික වශයෙන් පේන කාරණය තමයි ලෝකයේ මොන රටේ මොන ආකාරයෙන් ත්‍රස්ත විරෝධි පනතක් නිර්මාණය කළත් ඒ සෑම පනතක් මානවහිමිකම් සමඟ යම් ආකාරයට ගැටීමක් සහ විවේචනයකට ලක්වෙනවා. ඒ නිසා ලංකාවේ මේ දැනට කෙටුම්පත් වෙමින් පවතින ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් පවතින්නෙත් ඒ ස්වභාවික දේශපාලන තර්කයයි. එය අවම කරමින් වැරදි නොකරන අති බහුතර සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අකටයුතුකම් සිදුනොවන සමාජයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් නිති සම්පාදනය කරන්න. දැනට කෙටුම්පත් කොට තිබෙන යෝජනාවේ යම් ගැටලුවක් තිබේ නම් ඊට අවශ්‍ය සංශෝධනයකට සාකච්ඡා කරමු. තවම මෙය යෝජිත කෙටුම් පනතක් පමණයි. විපක්ෂය මේ අවස්ථාවේ දැඩි ආයාසයක් දරන බව අපිට පේනවා රට ඇතුළේ නිර්මාණය වෙමින් තිබෙන යම් යම් ආර්ථික සහනයන් මේ අවස්ථාවේ ඒ තරම් සැලකිල්ලට ගන්න එපා කියලා මහජනතාවට ඒත්තු ගන්වන්න දැඩි ප්‍රයත්නයක් දරනවා. මීට ටික කාලයක් ආපස්සට ගියාම අත්විදි ආර්ථික පිඩාවන්ට සාපේක්ෂවයි මේවා සහනයක් බවට පත්වෙන්නේ. මේ සාපේක්ෂ ආර්ථික ජිවන සහන පිළිබඳව චූන් එකක් නෑ. නමුත් මහජනයා එක්ක ගැවසෙන මිනිස්සු විදිහට අපිට යම් සැනසිල්ලක් තිබෙනවා. අපි බරපතල ලෙස මුහුණ දුන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් හිඟයකට. ඒ හිඟය පිළිබඳව ප්‍රශ්නය අපි කළමණාකරණය කරනවා. ඊට පසුව මිල අර්බුදයක් තිබුණා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව. නමුත් දැන් ඊට සාපේක්ෂව යහපත් තැනකට දැන් එය රැගෙන එමින් තිබෙනවා. දැන් මේ සහනයන් පිළිබඳව එක්තරා දේශපාලන විවේචන එල්ල කරන කණ්ඩායම් මේ විවේචනය එල්ල කරන්නේ ඇයිද කියන කාරණාව කල්පනා කරන්න වෙනවා. ඒ පිරිස කැමති මහජනයා මේ පිඩාව තවදුරටත් අත්විදිනවා නම්. මේ ආර්ථික පිඩාවන් ඔවුන් තවදුරටත් අපේක්ෂා කරන්නේ එය නොවේද?
අපි රටක් විදිහට මේ අර්බුදයෙන් අත්මිදෙමින් ඉස්සරහට යමින් සිටින්නේ. විදේශ සංචිත සම්බන්ධයෙන් යම් යහපත් ආර්ථික වටපිටාවක් හැදිලා තිබෙනවා. සංචාරක කර්මාන්ත ඉපැයිම් ප්‍රශස්ත මට්ටමකට ලංවෙමින් තිබෙනවා. විදේශ ආයෝජන සම්බන්ධ බලශක්ති ක්ෂේත්‍ර ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක අලුත් බලාපොරොත්තුවක ඉන්නවා. මේ සියල්ල තුළ ආනයනික භාණ්ඩ වෙළඳපොළේ යම් යහපත් තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ආනයනික අමුද්‍රව්‍ය මත නිර්මාණය වෙලා තිබෙන ස්වදේශීක නිෂ්පාදන කර්මාන්ත යම් සහනයක් අත්විදිනවා. දේශපාලන වේදිකාවේ ඉදලා මිනිස්සුන්ගේ පපුවට වෛරය විතරක් මුදාහැරලා වෛරය වෙනුවෙන් ගහන අත්පුඩි සහ ඒ වෙනුවෙන් වදින විසිල් හඩට රැවිටිලා දේශපාලනය කරන පිරිස වෙනුවෙන් කළකිරිමක් තිබෙන්නේ. ”යනුවෙන් මෙහිදි සඳහන් කලේය.

Post Views: 15
Previous Post

මාතලේ බර්නාඩ් පිළිසකර කරන්න පියවර

Next Post

ඉපලෝගම විවින් පාරේදී කාන්තාවක් කපා කොටා ඝාතනයට

editor

editor

Next Post

ඉපලෝගම විවින් පාරේදී කාන්තාවක් කපා කොටා ඝාතනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved