ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර පිහිටි මුල්ගම්පොල දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇත.
මෙම වසා තැබීම අද (10) පස්වරු 06.00 සිට ජූලි 13 වන දින පෙරවරු 04.00 දක්වා ක්‍රියාත්මක වේ. අදාළ දුම්රිය හරස් මාර්ගයේ සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් මෙම කාලසීමාව තුළ එම මාර්ගය භාවිත කරන රියදුරන් සහ මහජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.
















