• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

N-joy පිරිසිදු සුදු පොල්තෙල් නව රසවත් මුහුණුවරකින්

5 July 2019
in ව්‍යාපාර

පිරිසිදු පොල්තෙල් සඳහා කීර්තිමත් සන්නාමයක් වන, N-joy ස්වාභාවික සුදු පොල්තෙල් මෑතකදී එහි පොල්තෙල් නිෂ්පාදන සමුහය නව ආරකින් නැවත එලි දක්වනවා තිබේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) විසින් පොල් තෙල් සඳහා SLS32 වන ප‍්‍රමිතිය ඇති බවට සහතික කරන ලද එකම පිරිසිදු සුදු පොල්තෙල් නිෂ්පාදනය වන N-Joy යනු සම්පූර්ණයෙන්ම ස්වාභාවික නිශ්පාදනයකි. ”දන්න ඇයට” තේමාව යටතේ භ-න්‍දහ සන්නාමයේ නැවත එළිදැක්වීමේදී එහි සන්නාම තානාපතිනිය , කීර්තිමත් නිළි පූජා උමාශංකර් සහ ඇගේ සැබෑ මව ඇතුළත් ප‍්‍රචාරණ කටයුතු සිදු කර තිබේ.

“කලක සිට වෙළඳපොලේ සිටි අපට අවශ්‍ය වූයේ නිෂ්පාදනයේ සිට ඇසුරුම්කරණය දක්වා සුවිශේෂී වෙනසක් සිදු කිරීමයි. පොල් හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා අපගේ අත්දැකීම් සහ විශේෂඥතාව වසර 150 ක් තරම් ඈතට දිව යයි. එනිසා ආරම්භයේ සිටම අප විසින් සිදු කර ඇති ආකාරයටම අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප‍්‍රවීණතාවය සහ හැකියාව අප සතුව ඇත” යනුවෙන් ඇඩම්ජි ලූක්මන්ජි ඇන්ඩ් සන්ස් සමාගමේ අලෙවි කළමනාකරු සුරේන් ප‍්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.

සමාගම කාලාන්තරයක් මුළුල්ලේ විශිෂ්ට ක‍්‍රමවේද අනුගමනය කර පිරිසිදු සුදු පොල්තෙල් නිෂ්පාදනය කරයි. N-joy පිරිසිදු සුදු පොල්තෙල් 2001 දී වෙළඳපොළට හඳුන්වා දුන් දින සිට පාරිභෝගික විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක් වේ. N-joy හි සුවිශේෂීත්වය නම්, එය කිසිදු රසායනික ක‍්‍රියාවලියකට හෝ අධික තාප ක‍්‍රියාවලියකට භාජනය කිරීමකින් තොරව නිපදවන ස්වාභාවික, ආහාර පිසීම සඳහා පාවිච්චි කල හැකි පොල්තෙල් වර්ගයක් වීමයි . එය පිරිපහදු කිරීම, වර්ණය වෙනස් කිරීම හෝ සුවඳ වෙනස් කිරීමට (RBD) ලක් නොවේ. ලොව පුරාම පොල්වල සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව නැවත කතිකාවක් මතුවීමත් සමඟ මෙම නිෂ්පාදනය පාරිභෝගිකයාට පොල් වල ඇති සියලූ ගුණාංග නොවෙනස් ස්වරූපයෙන් පිරිසිදු ආකාරයෙන් ලබා ගැනීමට මඟ පාදයි . N-joy පොල්තෙල් කොලෙස්ටරෝල් රහිත වන අතර එහි ට‍්‍රාන්ස් මේදය අඩංගු නොවේ. N-joy ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) විසින් සහතික කර ඇත SLS 32 ප‍්‍රමිතියට අනුව නිපදවන අතර සමාගම ISO 22000 ආහාර සුරක්ෂිතතා ජාත්‍යන්තර ක‍්‍රමවේදයට ට අනුව නිෂ්පාදන සිදුකරයි. මෙයට අමතරව, සමාගමේ අගය එකතු කරන ලද පොල්තෙල් සඳහා දිගූ කාලීන සන්නාමයක් වන ”ඩබල් පාම්” දකුණු ආසියාවේ ප‍්‍රමුඛ වෙළඳපොල කොටසක් අත්පත්කර ගැනීමට සමත්වී ඇත. මෙම තෙල් බොහෝවිට බොහෝ විට සුපිරි තත්වයේ හිස ගාන තෙලක් ලෙස භාවිතා භාවිතා කරනු ලබයි

”අපි අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී, ගුණාත්මකභාවය සහ ඉතාම ඉහළ තත්වය සහතික කිරීම සඳහා අති නවීන අංගසම්පුර්ණ නිෂ්පාදනාගාරයක් සහ පහසුකම්වලින් සමන්විතයි. එමෙන්ම මෙහිදී කිසිදු ආකාරයක රසායනික හෝ භෞතික පිරිපහදු ක‍්‍රියාවලියක් භාවිතා නොකරන්නෙමු. ඉතාම හොඳ තත්ත්වයේ සුදු පොල්තෙල් නිපදවීමේ පුරෝගාමියෙක් බවට පත්ව ඇති ඇඩම්ජි ලූක්මන්ජි ඇන්ඞ් සන්ස් සඳහා රසායනික හෝ භෞතික ක‍්‍රියාවලි මඟින් පිරිපහදු කිරීමට අවශ්‍ය නොවන්නේ අපගේ සැපයුම් අංශය හරහා ඉතාම උසස් තත්වයේ කොප්පරා සැපයීම නිසාය.” යනුවෙන් ඇඩම්ජි ලූක්මන්ජි සමාගමේ තත්ත්ව ආරක්ෂණ කළමනාකරු සාලිය සිල්වා පවසයි.

පන්නල හි පිහිටි සමාගමේ නිෂ්පාදන අංශය අපනයන වෙළඳපොළ සඳහා නැවුම් පොල්තෙල් (වර්ජින් පොල්තෙල් ) සහ අනෙකුත් පොල් ආශ‍්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබයි. එය British Retail Consortium ශ්‍රේණිය සහතික කළ කර්මාන්ත ශාලාවකි.

වර්ජින් පොල්තෙල් සහ පෝෂණ ආශ‍්‍රිත නිෂ්පාදන ඇතුළු නව නිෂ්පාදන රාශියක් නුදුරු අනාගතයේ දී ශ‍්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සමාගම සැලසුම් කරයි.

Post Views: 17
Previous Post

ගෝඨා ඉක්මනින් මව්බිමට …. මැතිවරණ කටයුතු අගෝස්තු 11 වනදා ….!

Next Post

සැහැල්ලු දුම්රිය පද්ධතිය ඇරඹීය මෙරට ගත් වැදගත් පියවරක් බව අගමැති කියයි

editor

editor

Next Post

සැහැල්ලු දුම්රිය පද්ධතිය ඇරඹීය මෙරට ගත් වැදගත් පියවරක් බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved