ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපකාරී වුවද, වෛද්‍ය සහ රෝගී සබඳතාව සම්පූර්ණයෙන්ම තාක්ෂණයෙන් හෝ කෘත්‍රිම බුද්ධියෙන් (AI) ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. ලෝකය පුරා බෝ නොවන රෝග සහ සෞඛ්‍ය වියදම් ඉහළ යෑම වැනි අභියෝග හමුවේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මත බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (CGPSL) විසින් කොළඹ Grand Maitland හෝටලයේදී සංවිධානය කරන ලද 51 වැනි වාර්ෂික අධ්‍යයන සැසියට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ඕස්ට්‍රේලියාවේ RACGP ආයතනයේ ජාතික සභාපති වෛද්‍ය මයිකල් රයිට් සහ WONCA දකුණු ආසියානු කලාපීය සභාපති වෛද්‍ය මහාචාර්ය ප්‍රමේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන මහත්වරු විශේෂ දේශන පැවැත්වූහ. මෙහිදී වෛද්‍ය එම්.පී.එම්. කුරේ අනුස්මරණ පදක්කම සහ ගෞරව සාමාජිකත්වයන් වෛද්‍ය මයිකල් රයිට්, වෛද්‍ය ප්‍රමේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග සහ වෛද්‍ය රුවන් චන්දන සිල්වා යන මහත්ම මහත්මීන් වෙත පිරිනමනු ලැබීය.
















