ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු – නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් (Tandin Wangchuk) මහතා මුණගැසී තිබේ.
ඊයේ (08) වන දින මෙම හමුව සිදුව ඇති අතර, එහිදී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.














