ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාගමක් වන ‘Spera’, දකුණු ආසියාවේ ප්‍රථම ආරක්ෂක හියුමනොයිඩ් රොබෝව ලෙස හඳුන්වා දෙන ‘Spera Humanoid – Prototype One’ එළිදක්වා තිබේ. සමාගමේ නවවැනි සංවත්සරය සනිටුහන් කරමින් හඳුන්වාදුන් මෙම පූර්ණ ප්‍රමාණයේ ද්විපාද රොබෝව ආරක්ෂක කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, එය ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ශ්‍රී ලාංකීය නිර්මාණයක් බව Spera පවසයි.
විදේශීය තාක්ෂණය භාවිත කර මෙරට එකලස් කළ නිෂ්පාදනයක් වෙනුවට, මෙම රොබෝව මූලික සැලසුමේ සිටම ශ්‍රී ලාංකීය ඉංජිනේරු හැකියාව සහ පර්යේෂණ මත නිර්මාණය කර ඇත. Spera හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහන් යාපා මහතාගේ ස්වයං අධ්‍යයනයෙන් යුත් මඟපෙන්වීම යටතේ, බාහිර ආයෝජන මත පමණක් රඳා නොසී සමාගමේ මෘදුකාංග ව්‍යාපාරික ආදායමෙන් නැවත ආයෝජනය කරමින් මෙය සංවර්ධනය කර තිබේ. ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සඳහා ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇති මෙම රොබෝවරයාගේ වාණිජ මට්ටමේ නිෂ්පාදන ඉදිරියේදී රටවල් කිහිපයකට හඳුන්වාදීමටත්, දෙවැනි පරම්පරාවේ ‘Spera 2.0’ අනුවාදය සංවර්ධනය කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.














