දකුණු පිලිපීනයේ සැම්බෝන්ගා නගරයේ පිහිටි කතෝලික පාසලක අඟහරුවාදා (18) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධි බලැති තුවක්කුවකින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිසුවෙකු සහ ගුරුවරයෙකු මියගොස් ඇති අතර, සිද්ධියෙන් අනතුරුව බලධාරීන් විසින් ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇත. පසුගිය මාස දෙකක කාලය තුළ පිලිපීනයේ පාසලක වාර්තා වූ දෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙය වන අතර, නගරාධිපතිවරයා ඇතුළු බලධාරීන් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී.














