• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල්ට අභියෝග කරන්න නාමල් බෑ – ඇමැති රාජිත කියයි

9 September 2018
in දේශීය

බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තියට අභියෝග කිරිමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම පියාට විනාශය ලඟාකර දුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී “ජනබලය” පාගමන පිළිබදව මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ජනබලය පාගමන පුස් වෙඩිල්ලක්. වසර 20 කට වඩා පාගමන් සංවිධානය කළ මම, මෙම පාගමනේ සංවිධාන ශක්තිය පිළිබදව මුල සිටම ප්‍රශ්නයකට මුහුණ දී සිටියා. රජය පළවා හැර නව රජයක් පිහිටුවන බවට ප්‍රකාශ කරමින් කොළඹට ගෙනඑන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කොහොමද කියලා සංවිධාන ශක්තියක් තිබුනේ නැහැ. අඛණ්ඩව විරෝධතා සිදු කිරීමේ දී අවම තරමේ වැසිකිළි කැසිකිළි පවා සිදු කිරීමේ ස්ථාන හදුනා ගැනීමට නොහැකි තත්ත්වයක් සංවිධායකයින් සතුව තිබුනා. මෙය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එවැනි අවබෝධයක් තිබුනේ නැහැ. පසු දින සේවා ස්ථාන කරා පැමිණි ජනතාව දුර්ගන්ධය නිසා දෝෂාරෝපණ පවා එල්ල කළා. බැසිල් රාජපක්ෂ මහතා හොද සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයෙක්. මේ වන විට විදේශගත වී සිටින බැසිල් රාජපක්ෂ මහතාට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම පාගමන සංවිධානය කළා. බැසිල් රාජපක්ෂ නොමැති වුවත් අපට සංවිධානය කරන්න පුළුවන් කියන බොළද මානසිකත්වයෙන් කටයුතු කිරීම නිසා නාමල් රාජපක්ෂ මහතා මේ වන විට අත පුච්චාගෙන සිටිනවා. රජය පෙරලා දමා නව රජයක් බිහි කරන බව ප්‍රකාශ කරමින් පැමිණි ජනතාවගෙන් එදින රාත්‍රිය වන විට 250 ක් වත් කොටුව ප්‍රදේශයේ දක්නට ලැබුනේ නැහැ. එම සිටි පිරිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ප්‍රසිද්ධියේ බැන වදින ආකාරය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. රාජ්‍ය විරෝධී පාගමනකට සංවිධායකයින්ට ජනතාව බැන වැදුනු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහි සංවිධායකයින් ජනතාව මහ මඟ සිටිය දී කොටුව ප්‍රදේශයේ තරු පහේ හෝටලවලට වී මත්පැන් පානය කරමින් සිටියා. දකුණු පළාතේ හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙක් සංගීතය ලබාදෙමින් මෙම තරුපහේ හොටල්වල විනෝදයෙන් කල් ගෙවුවා. නමුත් ජනතාව සිටියේ මහ මඟ. මෙහිදී තව දෙයක් කීමට අවශ්‍යයි. විෂ සහිත කිරි පැකට් ලබාදුන්නා කියලා චෝදනාවක් එල්ල කරනවා. පාරේ සිටින මිනිසුන් ලබාදෙන කිරිපැකට් නොබී සංවිධායකින් ලබාදෙන කිරි පැකට් බීමට පාගමනේ නිරත වූ ජනතාවට සංවිධායක මණ්ඩලය උපදෙස් ලබාදුන්නේ නම් මෙවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ලැක්ටෝජන් බබාගේ දෙවන විකට නාට්‍ය මහනුවරදිලු – ඇමැති සජිත් කියයි

Next Post

ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට

editor

editor

Next Post

ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved