මෙරටට ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත පොහොර තොග සඳහා මීට පෙර ගෙවූ මිලට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බැවින්, ඉදිරි කාලයේදී පොහොර මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පොල්පිතිගම, රඹේ ගොවිජන මධ්‍යස්ථානයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව නිලධාරීන් සහ ගොවීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය. අදාළ පොහොර තොග මිලදී ගැනීම සඳහා පෙර ගෙවූ මුදලට වඩා අමතර පිරිවැයක් දැරීමට සිදුවීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය සහ පොහොර මිල කෙරෙහි බලපාන ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ගොවි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.














