• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවට එරෙහිව කටඋත්තර ලබාදෙන්නන්ට සියදිවි හානිකර ගැනීමට බලපෑම් එල්ල වන බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනාවක්

19 July 2026
in දේශීය, පුවත්
වෙරළාසන්න විහාරස්ථානවල  පවතින පුරාණ තල්පත් පිටපත්  විනාශ වීමේ අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වර්‌තමාන ආණ්ඩුවට එරෙහිව කටඋත්තර ලබාදෙන පුද්ගලයින්ට බලපෑම් සහ තර්‌ජන එල්ල කිරීම හරහා ඔවුන් සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයකට පත් කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්‌ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර ලබාගන්නා පුද්ගලයින්ට සියදිවි හානි කරගැනීමට සිදුවනු ඇති බවට අදාළ ස්ථානවලදී තර්‌ජනය කරමින් බලපෑම් එල්ල කරන බවත්, එම තත්ත්වය මත මේ වන විටත් ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකරගෙන ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට අමතරව වර්‌තමාන රජය විසින් මෙරට අධිකරණ පද්ධතිය අත්තනෝමතික ලෙස දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බිඳදමමින් රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ ගැනීමේ නිදහස අහුරා ඇති බවත්, ඒ හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය මුළුමනින්ම කඩාවැටී ඇති බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය. තවද, අසාධාරණ බදු ප්‍රතිපත්ති, ඉහළ යන විදුලි බිල සහ ඉන්ධන මිල හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ගොවි ජනතාව ද දැඩි ආර්‌ථික අර්‌බුදයකට මුහුණ දී ඇති බව ඔහු මෙම ජනහමුවේදී ප්‍රකාශ කළේය.
අත්තනෝමතික බදු අය කිරීම් හරහා රජය උපයාගත් මුදල් මහ භාණ්ඩාගාරයේ ගිණුම්වලින් අස්ථානගත වී ඇති බවට රාජ්‍ය ආයතන එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින පසුබිමක, එහි අගතිය යළිත් සාමාන්‍ය ජනතාව මතම පටවමින් පවතින බව මන්ත්‍රීවරයා විවේචනය කළේය. දේශීය කර්‌මාන්තකරුවන් අධෛර්‌යමත් කරමින් ආණ්ඩුව විසින් ගෙන යන මර්‌දනකාරී ක්‍රියාකලාපයන්ට එරෙහිව ගම් මට්ටමින් ජනතාව සංවිධානය විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය වන වකවානුවක, රජයේ ක්‍රියාමාර්‌ගවලට එරෙහිව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් එල්ල කරනු ලබන මෙම දැඩි විවේචන දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල කතාබහකට ලක්ව තිබේ.
Post Views: 0
Previous Post

වෙරළාසන්න විහාරස්ථානවල පවතින පුරාණ තල්පත් පිටපත් විනාශ වීමේ අවදානමක්

Next Post

හොරණ – මොරගහහේන මාර්‌ගයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
හොරණ – මොරගහහේන මාර්‌ගයේදී  යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන්  තරුණයන් දෙදෙනෙකු මියයයි

හොරණ - මොරගහහේන මාර්‌ගයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved